කෙප්ප ඇරඹුම...
සෑහෙන කාලෙක ඉඳන් මම බ්ලොග් කියවන එකෙක්, මම හිතන්නෙ අවුරුදු 10-12 කට වැඩියි. හැමදාම බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියල හිතුවත් වැඩේ කරන්න වෙලාවක් නෑ. ගෙදර වැඩයි, ඔෆිස් වැඩයි, තව ඉතින් නිකන් ඉන්න වෙලාවට ඔය බුකිය පැත්තෙ යනවා, නැත්නම් යූ බටේ බලනවා, නැත්නම් නෙට්ෆ්ලික්ස්, එහෙම නැත්නම් කොහෙහරි රස්තියාදුවක. ඒ නිසා මේක කෙරුණෙම නෑ, දැන් අලුත් ජොබ් එකක් කරනවා, ගොඩක් වෙලාවට නිකන් ඉන්නෙ, ඔෆිස් එකේ නිසා මම නිකන් ඉන්න වෙලාවට කරපු එක වැඩක්වත් කරන්න බෑ, ඔන්න ඒ නිසා බ්ලොග් එකක්වත් ලියන්න කියලා හිතුවා. මම අන්තිමට සිංහලෙන් ලිව්වෙ උසස් පෙල කරන කාලෙ මයෙ හිතේ, ඊට පස්සෙ ඔය කොහෙහරි කොමෙන්ට් කෙටුවට, වැදගත් දෙයක් සිංහලෙන් ලියලම නෑ. ඒ නිසා සමහරවිට හාෂා දැනුමනම් අන්තිම ඇති, හරියට උක්ත ආඛ්‍යාත ගලපල, හරි සිංහලෙන් ලියන එක ඇත්තටම අමාරු දෙයක්, ඒත් ඔන්න ඔහේ තේරෙන සිංහලෙන් ලියනවා කියලා හිතුවා. පලවෙනි දවසෙම මොනවද ලියන්න ඕනෙ කියලා බ්ලොග් පකීර්ලා කීප දෙනෙක්ගෙ බ්ලොග් පැත්තෙ ගිහින් බැලුවා, රසිකොලොජි, කොළඹ ගමයා, මාතලන්, ඉකොනො මැට්ටා, හැලපයා, හිස් අහස වගේ. මේ ඔක්කොම අවුරුදු 10ක් හෝ ඊට වැඩිය බ්ලොග් ලියා ඇති නිසා, බ්ලොග...